අද මම කථා කරන්න යන්නෙ Jaa Lifestyle සහ Eehhaaa ගිණුම් වල පොදුවේ මේ දිනවල හැමෝටම එන ගැටළු කිහිපයක් විසඳා ගැනීම සම්බන්ධවයි. ගොඩක් දේවල් අපේ නොදැනුවත් කම නිසා වෙන වැරදි, තවත් සමහර ඒවා ආයතනයේ නොයෙක් තාක්ෂණික ගැටළු. අපි බලමු මේවා විසඳගන්න පුළුවන් ක්‍රම මොනවද කියල.
මුලින්ම අපි Jaa Lifestyle වෙබි සයිට් එකට ඇතුල් වන ස්ථානයේ සිට බලමු.
මේ වගේ ඔයා සයිට් එකට ඇතුල් වෙන්න යද්දි ඇවිත් මෙතනින් එහාට යන්නෙ නැත්නම්,
මේක ඔයාගේ අන්තර්ජාල සම්බන්ධතාවයේ ගැටළුවක්. හොඳට සිග්නල් තියන තැනක සිට නැවත උත්සාහ කරන්න. නැතිනම් වෙනත් අන්තර්ජාල සම්බන්ධතාවයක් භාව්තා කරන්න..
දැන් බලමු ලියාපදිංචි වෙද්දි එන ගැටළු කිහිපයක්. ලියාපදිංචිවෙන විදිය සහ ආයතනය ගැන දැන ගන්න මෙම ලිපිය බලන්න.
මේ කියන්නෙ ඔයා වයස 18 ට අඩු නිසා ලියාපදිංචිවෙන්න බැහැ කියල. මේ ආයතනයේ ලියාපදිංචිවෙන්න වයස 18 ට වඩා වැඩි වෙන්න ඕන. දැන් බොරු උපන් දිනයක් දාලා යන්න එපා ඉදිරියේදි මේ ගිණුම Verify කරන්න වෙනව එහෙම කරද්දි වැරදි තොරතුරු දීල තිබුනොත් ගිණුම අත්හිටවනව.
මේ කියන්නෙ ඔයා උපන් දිනය සඳහන් කරපු විදිය වැරදියි. උපන් දිනය ටයිප් කරද්දි දිනය/මාසය/අවුරුද්ද යන විදියට ලබා දෙන්න ඒ වගේම / වලින් වෙන් කරන්න. දිනය සහ මාසය දෙද්දි ඉලක්කම් දෙකක් ලෙසද, අවුරුද්ද ඉලක්කම් 4 ක් ලෙසත් දෙන්න (උදා- 02/05/1990)
මේ ආයතනය සමඟ ලියාපදිංචි වෙද්දි ඔයාගෙන් Password එකක් දෙන්න අහනව. මෙහිදි ඔබ ඇතුලත් කරන ලද Password එක නිවැරදි බව තහවුරු කරගන්න දෙවරක් එම Password එක ඇත්ලත් කරන්න වෙනව. මෙන්න මේ අවස්ථා දෙකේදි ලබාදෙන Password එක නොගැලපුනාම තමයි මෙහෙම වෙන්නෙ. මෙතනදි අදාල Password ටයිප් කරන කොටුවෙ තියන ඇසක ලකුණ ක්ලික් කරන්න එවිට අපි ටයිප් කරන අකුරු අපිට දැකගන්න පුළුවන්. එතකොට අපිට වැරදුනේ කොහේද කියල බලාගන්න පුළුවන්.
ඔයා ඇතුලත් කරපු Username එක වැරදියි. Username එක ඇතුලත් කරද්දි Space තියන්නෙ නැතිව Symbols ඇතුලත් කරන්නෙ නැතුව අකුරු සහ ඉලක්කම් වලින් පමණක් සමන්විත කෙටි තනි වචනයක Username එකක් දෙන්න.
ඔයා ඇතුලත් කරපු Username එක මීට කලින් කවුරුහරි දීල තියනව. මේ සයිට් එකේ එකම Username එක දෙපාරක් දෙන්න බැහැ. ඔයාගේ Username එක පොඩ්ඩක් වෙනස් කරල දෙන්න..
මේ කියන්නෙ ඔයා මීට කලින් මේ ඊමේල් එක මගින් ගිණුමක් හදල තියනව. මේ ඊමේල් එකෙන් තවත් ගිණුමක් හදන්න බැහැ. ඔයාට හදපු ගිණුමේ Username සහ Password මතක නැතිනම් ඔයාගේ Upliner ව සම්බන්ධ කරගෙන Username එක ලබා ගන්න ඉන්පසු Loging Page එකේ තියන Forgot Password මගින් ගිහින් Password එක Reset කරගන්න.
ලියාපදිංචි වෙන පිටුවෙ අවසාන කොටසේ තියනව ආයතනයේ නීති රීති වලට අපි එකඟ වෙනව කියල ආයතනය එක්ක ගිවිසුමකට එන්න අවස්ථා දෙකක්. ඒ දෙකම ක්ලික් කරල තොරන්න වෙනව.
දැන් බලමු Jaa Lifestyle ගිණුමක් හදල ලොග් වෙන්න යද්දි එන ගැටළු මොනවද කියල.
මේ කියන්නෙ ඔයාගේ Jaa Lifestyle ගිණුමේ Username සහ Password වැරදියි කියල. ලියාපදිංචි වෙද්දි දුන්න Username සහ Password එකමද ටයිප් කරේ කියල නැවත බලන්න. Password එක දාන කොටුවේ ඇස ලකුණ ක්ලික් කිරීමෙන් ටයිප් කරන Password එක නිවැරදිද කියල බලාගන්න පුළුවන්. ඔයාගේ Username එක මතක නැතිනම් Upliner සම්බන්ධ කරගෙන Username එක අහගන්න. Password එක මතක නැතිනම් Forgot Password මගින් ගිහින් Password එක Reset කරගන්න.
දැන් ගිණුමට ලොග්වෙලා ඔයාගේ Profile Details පිටුවට ගිහින් බලන්න ඒකේ තොරතුරු නිවැරදිද කියල. විශේෂයෙන්ම නම නිවැරදිද කියල බලන්න. ඔයාගේ ජාතික හැඳුනුම්පතේ විදියට සම්පූර්ණ නම නැත්නම් මෙතනින් නිවැරදි කරල Update කරන්න. නම දාද්දි ඉංග්‍රීසි Capital අකුරින් දානවනම් වඩා හොඳයි. දුරකථන අංකය +94 වලින් පටන් අරගෙන දාන්න.
දැන් බලමු Jaa Lifestyle ගිණුම Verify කරද්දි එන ගැටළු ගැන. මෙතනින් ගිණුම Verify කරන විදිය බලාගන්න පුළුවන්.
Verify නොකරපු ගිණුමක මෙන්න මේ වගේ තමයි ඔයාලට පෙන්වන්නෙ.
ඊට අමතරව අපි බලමු තියෙන්න පුළුවන් ආකාර මෙනවද කියල.මේ විදියට තියනව කියන්නෙ ඔයාගේ Verification පියවර සම්පූර්ණ කරල නැහැ කියන එක. Click to Continue වලින් ගිහින් නතර කරපු තැනින් පටන් ගන්න පුළුවන්..
මෙහෙම තියනවනම් ඔයා Verification වලට යවපු ID Document එක සහ Selfy එකේ තියන පින්තූරයේ මොනවහරි වෙනසක්. එහෙම නැතිනම් මේ පින්තූර යවන්න ඕන පිලිවෙල මාරු කරල . එහෙමත් නැත්නම් අවශ්‍ය ප්රමිතීන් වලට පින්තූර අරගෙන නැති නිසා ස්වයංක්‍රීයව Verify කරන මෘදුකාංගය මගින් ප්‍රතික්ෂේප කරල. දැන් මෙම Documents ආයතනයේ සේවකයන් මගින් Manually පරික්ෂා කරල සුදුසුනම් අනුමත කරාවි. නැතිනම් ප්‍රතික්ෂේප කරාවි. මේ ක්‍රියාවලියට පැය 48 ක් හෝ ඊට වඩා වැඩි කාලයක් ගතවන බව තමයි කියල තියෙන්නෙ.
මේ තියෙන්නෙ ඉහත ආකාරයට Manually පරික්ෂා කිරීමෙනුත් ප්රතික්ෂේපවුන ගිණුමක්. දැන් Try Again වලින් ගිහින් නැවත ID Document සහ Selfy යවන්න වෙනව. කලින් යවපු එකම යවන්නෙ නැතිව හරි ප්‍රමිතියට අනුව Documents යවන්න.
වැදගත් - මෙහිදි නැවත මුදල් නොගෙවා ඔබට 3 වරක් Documents යැවීමට ඉඩ ලැබෙන අතර එම 3 වතාවේම ප්‍රතික්ෂේප වුවහොත් නැවත මුදල් ගෙවීමට සිදුවේ.
දැන් බලමු Verify කරන අවස්ථාවේ ඇතිවන ගැටළු ගැන. ඔබට මුදල් ගෙවීමට යාමේදී මේ වගේ ගැටළු එන්න පුළුවන්.
මේ කුමන ආකාරයෙන් ආවත් ගැටළුව තියෙන්නෙ ඔයාගේ Bank Card එකේ අදාල බැංකුව වෙත දුරකථන ඇමතුමක් ලබා දීල අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීමට එම කාඩ්පතේ පහසුකම් ලබාදී ඇත්ද යන්න පරික්ෂා කරන්න. එසේ නැතිනම් එම පහසුකම ලබා දෙන ලෙස ඉල්ලා සිටින්න. නැතිනම් වෙනත් කාඩ්පතක් භාවිතා කරන්න. (බොහෝ විට මෙම ගැටළුව මහජන, ඉතිරිකිරීමේ, ලංකා බැංකුව යන රාජ්‍ය බැංකු වල කාඩ්පත් වල ඇති වූවද පුද්ගලික බැංකුවල සියළුම කාඩ්පත් වල මෙම පහසුකම සක්‍රීය කර ඇත. )
මුදල් ගෙවීමෙන් පසු ඉන් ඉදිරියට යාම සඳහා OTP එකක් ලබාදෙන අතර එය ස්වයංක්‍රීයවම Nordic Web Site එක මගින් ග්‍රහණය කරගන්නවා. නමුත් සමහර විට මේ වගේ ගැටළුවක් එන්න පුළුවන්..
මෙහෙම ගැටළුවක් එනවනම් ඔයාගේ අන්තර්ජාල සම්බන්ධතාවයේ දෝෂයක්. ගිණුමෙන් Log out වෙලා දුරකථනය Restart කරල නැවත උත්සාහ කරන්න.. මෙම අදියරෙන් ඉදිරියට ගිය පසු යම් ස්ථානයකින් ඉදිරියට යන්න බැරිනම් ඒකත් ඉහත දෝෂයම තමයි දුරකථනය Restart කරල බලන්න. කැමරාව හෝ පින්තූර තෝරාගන්න අවස්ථාව නොදෙනවානම් දුරකථනයේ ගැටළුවක්. පහසුකම් වැඩි දුරකථනයකින් උත්සාහ කරල බලන්න.
දැන් බලමු Advertising (Eehhaaa) ගිණුම හදද්දි එන ගැටළු කිහිපයක් ගැන Eehhaaa ගිණුම හදන විදිය බලන්න මෙතනින් Advertising ගිණුම හදමු
Eehhaaa ගිණුම හදන්න තොරතුරු ගන්නෙ අපේ Jaa Lifestyle ගිණුමෙන් ඒ නිසා මේ ගිණුම් දෙක සම්බන්ධ කරන්න Jaa Lifestyle ගිණුමේ Username සහ Password නිවැරදිව යෙදන්න වෙනව. මේ කියන්නෙ Jaa lifestyle ගිණුමේ තොරතුරු හොයාගන්න බැහැ කියල. ඒ කියන්නෙ අනිවාර්යයෙන්ම ඔයාගේ Username එක වැරදියි. එහෙම නැත්නම් Jaa lifestyle ගිණුමක් හදල නැහැ. මේ දෙකම නොවෙයි නම් පොඩි කාලයක් ඉඳල නැවත උත්සාහ කරල බලන්න..
මේ විදියට එනව නම් ඔයා දැනටමත් Eehhaaa ගිණුම හදල ඉවරයි. දැන් ගිණුමට ලොග් වෙන්න..
මෙහෙම එනව නම් ඔයාගේ අන්තර්ජාල සම්බන්ධතාවයේ ගැටළුවක්. එහෙමත් නැතිනම් ආයතනයේ Servers වල යාවත්කාලීන කිරීමක්. ටික වේලාවක් ඉඳල උත්සාහ කරන්න..
දැන් බලමු Eehhaaa ගිණුමට log වෙද්දි එන ගැටළු ගැන.
මේ කියන්නෙ Eehhaaa ගිණුමේ Username හෝ Password වැරදියි කියල. නැවත බලන්න නිවැරදිව ඇතුලත් කරලද කියල. Username සහ Password එක නිවැරදි නම් Username එක වෙනුවට ඊමේල් එක දාල බලන්න.
මේ ගැටළුව එනව නම් ටික වේලාවක් ඉඳල නැවත උත්සාහ කරන්න..
දැන් බලමු Jaa Lifestyle ගිණුම Verify කරන ලද කෙනෙක්ට මෙතනින් ඉදිරියට ගිය පසු එන ගැටළුවක් ගැන.
මේ විදියට Package තොරන්න ආවොත් මේ Package එකක්වත් තොරන්න එපා මේ වගේ Menu වලින් ගිහින් Profile තොරල ඔයගේ තොරතුරු නිවැරදිව Save කරන්න. Edit Interest වලින් ගිහින් Ad Catagory 25 තොරල Submit කරන්න. ඉන්පස්සේ Dashboard යන්න. Ads ඒවි.
ඔබ පරිගණකයකින් නම් යන්නෙ ඉහත ස්ථානයට ආ පසු Browser එකේ වෙනම Tab එකක් විවෘත කර මේ ලින්ක් එක කොපි කරල දාලා ඉහත පියවර වෙත යන්න..
https://app.eehhaaa.com/menu/profile
Eehhaaa ගිණුම හදපු අයට Ads එන්නෙ නැත්නම් නැවත Profile වලට ගිහින් තොරතුරු නිවැරදිව තියනවද බලන්න. විශේෂයෙන්ම Country කියන තැන Sri Lanka දෙන්න. Edit Interest වලට ගිහින් තව Catagory දෙකක් පමණ තෝරල Submit කරන්න. ඉන් පස්සෙ නැවත Logout වෙලා Login වෙලා බලන්න..
Ads ආවත් Play වෙන්න ගොඩක් වෙලා යනවනම් හරි පහත වගේ Progress Bar එක පෙන්වන්නෙ නැතිනම්.
මුලින්ම ඔයාගේ දුරකථනයට එන Default Browser එකෙන් ලොග් වෙලාද බලන්න එහෙමනම් මේ ලින්ක් එක කොපි කරල Chrome ,Firefox, UC, Safari වගේ Browser එකක New Tab එකකට Paste කරල ලොග් වෙලා බලන්න.
https://app.eehhaaa.com/login
ඔයාගේ Browser එකේ Updates තියනවනම් කරගන්න. Chrome වල Updates තියනකොට මේ වගේ ඊ තලයකින් පෙන්වනව.
මෙතනින් ගියාම මේ වගේ Update කරගන්න පුළුවන්..
එහෙමත් නැතිනම් මේ Menu එකේම පහල තියන Destop Site සක්‍රීය කරගන්න..
මීට අමතරව පහත දී ඇති ආකෘති වලට අනුව Jaa Lifestyle ගිණුමේ ඔබගේ පුද්ගලික තොරතුරු නිවැරදි කර ගැනීම සඳහා Jaa Support Center වෙත ඊමේල් පණිවුඩයක් යවන්න.
මීට අමතරව තවදුරටත් ගැටළු ඇත්නම් ඔබගේ ගිණුමේ Screen Shot එකක් වටිස්ඇප් කරන්න 0771743810
Comments
Post a Comment